කේ.සුජීවා කියන්නේ ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායිකාවක් වෙනවා . ක්ෂේත්‍රය තුල කාලයෙන් කාලයට ඇය පුවත් මවන්න හේතු වුන චරිතයක් වුණා .ඒ බව කවුරුත් දන්නා කාරණාවක් .
මේ දිනවල සුජීවා ගැන සමාජ මාධ්‍ය පුරාම කතා බහට ලක් වෙන්නේ ඇය දෙවෙනි වර විවාහ වූ ගායන ශිල්පී අජිත් මුතුකුමාරණ ගෙන් වෙන්ව යාමත් සමගයි.
ඔවුන් වෙන් වූ පුවත මෑතකදී හෙළි දරව් වුනත් ඒ විවාහයේ වෙන් වීම සිදුව ඇත්තේ මිට වසරකට පමණ පෙර බවයි දැන ගන්න ලැබෙන්නේ .
නමුත් ඒ බව එතරම් ප්‍රසිද්දියට පත් වුණේ නැතිව පැවතුනා . සුජීවාගේ මාර්ගයෙන්ම තමයි මේ බව පළමු වරට දැන ගන්න ලැබෙන්නේ .
ආදරය කරලා විවාහ වුනත් දෙදෙනා අතර නොගැලපීම් සහ තවත් පෞද්ගලික හේතු කරණා නිසා තමයි ඔවුන් වෙන් වෙලා තියෙන්නේ කියලයි දැන ගන්න ලැබෙන්නේ .
කාලයත් සමග හොඳ නරක සහ බොහෝ කරුණු කාරණා පිලිබඳ වැටහීම හේතුවෙනුයි මේ වෙන්ව යාම සිදු වී තිබෙන්නේ .
ආරංචි මාර්ග වල හැටියට සමාජයට අනාවරණය කල නොහැකි පෞද්ගලික හේතුවකුත් මේ වෙන්ම යාමට බලපෑ බවට දැන ගන්න ලැබෙනවා .

0 Comments