Breaking News

Responsive Ad Here
Responsive Ad Here

මිනිස්සුන් මිනිසුන්ය... ඔවුන්ට දිව්‍යමය තත්වයක් නැත... – බිමල් වෙනුවෙන් සුලෝචනා තැබූ Fb සටහන

Responsive Ad Here
මේ වෙද්දී covid 19 ආසාධිතව සිටින රංගන ශිල්පියෙක් වන බිමල් ජයකොඩිට සුව පතා රංගන ශිල්පිනි සුලෝචනා වීරසිංහ සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබා තිබෙනවා.

එය පහතින්

ආදරණීය බිමල් අය්යේ ඔබ වගකීම් සහගත රංගන ශිල්පියෙක් බව ඔබ එක්ව කල හා නොකල සියලු නිර්මාණ තුලින් මා මෙන්ම අන් අයටද හදුනාගෙන තියෙනවා.
මනුස්සයෙක් විදිහට ඔබේ සමාජ වගකීමද ඔබ නිවරදිව ඉටු කරමින් ඉන්නවා කියන කාරණය ඔබ පසු ගිය දිනක සියල්ලන්ටම තහවුරු කලා. ඔබ covid 19 ආසාධිතයෙක් බව රූපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති වලින් පවා පැවසූවේ එය ඔබ FB පෝස්ටුවකින් ඵල කර තිබූ බව පවසමින්.
බොහෝමයක් ජනප්‍රිය පුද්ගලයින් සමාජ මාධ්‍ය තුලින් නිතරම පෙන්වීමට උත්සාහ කරන්නේ ඔවුන්ගේ ජීවිතවල විසිතුරු බව,සුඛෝපභෝගී බව වගේම සුන්දර අත්දැකීම් පමණයි. මිනිස්සුන් මිනිසුන්ය. ඔවුන්ට දිව්‍යමය තත්වයක් නැත. එවැනි තත්වයක් ආරෝපණය කර ගැනීමට වෙහෙස වුවත් ලොව කොතන ජීවත් උනත් මිනිස්සු ට ඇත්තේ සමාන හැගීම් දැනීම්ය.
ජනප්‍රිය පුද්ගලයින් විදිහට නිරන්තරයෙන් තමන්ට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට ,රටේ ජනතාවට හැකි සෑම අවස්ථාවකදීම මනුස්සයින් විදිහට අප ජීවිතය තුළ ස්පර්ශ කල ජීවි කලාප,වටහා ගත් මනුස්ස ස්වභාවයන් ,අපූර්ව මෙන්ම ශෝකාන්ත අද්දැකීම් බෙදා ගැනීමට අපව ඔවුන්ට විවෘත කල හැකිනම් නිරර්ථක තරු වන්දනාවෙන් ඔවුන්ගේ ජීවිතවලට අංශු මාත්‍ර යමක් එක්නොවෙන බව අවබෝධ කර ගනීවි.
ඔබ එක්ව නුදුරේදී කරන්නට සිටි නිර්මාණ කටයුත්තට ඔබ නැතිවීම දුකක් උනත් ඔබේ යහපත් සෞඛ්‍ය ඊට වඩා වැදගත් නිසා ඉක්මනින්ම සුවය ලැබේවා කියලා පතනවා

0 Comments