Breaking News

Responsive Ad Here
Responsive Ad Here

"තවත් ක්‍රීඩකයින් විශ්‍රාම යද්දී, තව හොඳ, හොඳ කතා කියාවි...." - ක්‍රිකට් අතහැර අමෙරිකාවට ගිය ශෙහාන් ජයසූරිය සිදු කළ තවත් හෙළිදරව්වක් මෙන්න - (video)

Responsive Ad Here
ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියට සමු දී අමෙරිකාව බලා පිටත්ව ගිය ෂෙහාන් ජයසූරිය ඊයේ චෝදනා කළේ තමන්ට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් එපාවීමට තිසර පෙරේරා සහ ඔහුගේ බිරිඳ ද වගකිව යුතු බවටයි.
 
නමුත් ඊට ප්‍රතිචාර දැක්වූ තිසර සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් මෙම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කළා.

ඒ 2017 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තනට සමගින්, ඩුබායි තරග සංචාරය අතරතුර මාගේ සහෝදර ක්‍රීඩකයා අද ඔහුගේ දෙවනි බිරිඳ එම සංචාරයට රැගෙන ඇවිත් ඇයව ඔහුගේ කාමරයේ නවාතැන් ගැනීමට ක්‍රිකට් කළමනාකාරීත්වයෙන් අවසර ඉල්ලූ බවටත් චෝදනා කරමින්.
 
විනය ගැන සළකා කණ්ඩායමේ නායකයා විදියට තමන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත් තිසර පවසා තිබුණා.
 
මෙම පුවත ඊයේ හිරු ප්‍රවෘත්ති ඔස්සේ විකාශය කිරීමත් සමඟ අද අමෙරිකාවේ සිට HIRU SPORTS වෙත අදහස් දක්වමින් ෂෙහාන් ජයසුරිය මෙලෙස අදහස් පළ කර සිටියා.

0 Comments