ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න නිහඬම චරිතය විදිහට ළහිරු තිරිමන්නව හඳුන්වනවා. ඒ නිහඬ ක්‍රීඩකයා කලකට පසුව යළිත් ජාතික කණ්ඩායම සමඟින් එකතු වුණා. මේ දිනවල පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේ ලකුණු අතරේ සිටින ළහිරු ගැන කතා කරන්න හොඳම චරිතය තමයි ඔහුගේ ආදරණිය බිරිඳ. ඇය රුක්ෂානා තිරිමාන්න. ආදරණිය සැමියා ගැන ඇය අපිත් එක්ක කතා කළේ මෙහෙමයි.
කලකට පසුව ජාතික කණ්ඩායමට එකතු වෙලා ක්‍රීඩා කරන්න ඔබේ ආදරණිය සැමියා ළහිරුට අවස්ථාව ලැබුණා, ඔහු ක්‍රීඩා කරනවා ඔබ නරඹනවද, අපි මුලින්ම ඒ ගැන කතා කරමු..?
මමයි ළහිරුයි ආශ්‍රය කරන්න පටන් ගත්ත කාලේ ඉදලා අද වෙනකල්ම මම එයා ක්‍රීඩා කරනවා නරඹන්නේ නැහැ, අඩු තරමින් රූපවාහිණියෙන්වත්. එයාගේ අම්මා තමයි මැච් එක බලලා විස්තර මට කියන්නේ. ලකුණු කීයක් ගත්තද, අවුට් වුණාද කොහොමද කියලා. මට එයා ක්‍රීඩා කරනවා බලන්න බැහැ.
ඇයි ඒ..?
එයා තරඟවල ඉන්නවා නම් එයාට කලින්ම බය දැනේනේ මට. මට හරිම බයයි එයා ක්‍රීඩා කරනවා බලන්න. ඒකට හේතුව නම් මට හිතා ගන්න බැහැ. එයා මැච් එකක ඉන්නේ කියලා අමතක කරලා මම මගේ වැඩක් කරගෙන ඉන්නවා.
කාලෙකට පස්සේ ජාතික කණ්ඩායමට එකතු වෙලා ක්‍රීඩා කරන්න ළහිරුට පුළුවන් වීම ගැන බිරිඳ විදිහට ඔබට මොකද හිතෙන්නේ..?
එයා ජාතික කණ්ඩායමෙන් හැලිලා හිටියේ නැහැ. නමුත් ලකුණු අතරට එන්න කාලයක් ගියා කියලා මම හිතනවා. යළිත් ලකුණු අතරට ඇවිත් ක්‍රීඩා කරන්න ලැබීම සතුටක්. ඒ සතුට මම හිතන්නේ ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ බිරිඳකට දැනෙනවා. එයාගේ වයස තවම 31යි. ලකුණු අතරේ රැදෙමින් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරයි කියලා බලාපොරොත්තු වෙනවා වගේම ඒ ලැබෙන අවස්ථා ලොකු දෙයක් හැටියටයි මම දකින්නේ.
විවාහ වුණාට පසුව බොහෝ ක්‍රීඩකයින් පවුලට මිසක් ක්‍රීඩාවට මුල් තැන දෙන්නේ නැහැ, ඒ නිසා ක්‍රීඩාවෙන් පසුබසිනවා කියලා ක්‍රීඩා ලෝලීන් අතර මතයක් තියෙනවා, විවාහයෙන් පස්සේ ළහිරු ක්‍රීඩාවෙන් පසුබැස්සා කියලා හිතනවද..?
ක්‍රීඩකයෙකුගේ දක්ෂතා විවාහයත් එක්ක වෙනස් වෙනවා කියන එක පිළිගන්න බැහැ. ක්‍රීඩකයාගේ දක්ෂතා හා වාසනාව හේතුවෙන් තමයි ඔවුන්ගේ පැවැත්ම තීරණය වෙන්නේ. ඒක තව කෙනෙක්ට බලපෑමක් වෙන්නේ නැහැ. හැම බිරිඳම කැමතියි තමන්ගේ සැමියා ලකුණු අතරේ ඉන්නවා නම්. දක්ෂතා අතරේ ඉන්නවා නම්. තරග ජය ගන්න ඔහුගේ දක්ෂතා හේතුවක් වෙනවා නම්. කවුරුත් කැමති නැහැ තමන්ගේ සැමියාට කරදරයක් වෙනවට. හැම ක්‍රිකටර් කෙනෙකුගේම බිරින්දෑවරු ලොකු කැප කිරීමක් කරනවා පවුලේ වැඩ තනියම කරගෙන සැමියාව පවුල් බරින් නිදහස් කරලා එයාලාට නිදහසේ වැඩකටයුතු කරගෙන යන්න අවශ්‍ය පරිසරය හදලා දෙන්න. ඒ නිසා ක්‍රීඩකයෙකුගේ දක්ෂතා පවුල මත පැටවිලා තියෙන්නේ කියන එක මට නම් පිළිගන්න බැහැ.
ඔබ ඔය කියන විදිහට පවුලේ වගකීමෙන් ළහිරුව මුදවලාද තියෙන්නේ..?
ඔව්. ළහිරු කියන්නේ පොඩි කාලේ ඉදලා පවුලේ බර අරගෙන ගිය කෙනෙක්. විවාහයත් එක්ක එයා පවුලේ ආර්ථිකය ශක්තිමත් කරන්න උදව් කරනවා. වියදම් සදහා මුදල් දෙනවා. ගෙදර සියලු දේවල් හොයලා බලන්නේ මම. ක්‍රීඩාවකරගෙන යන්න අවශ්‍ය පරිසරය හදලා දීලා අනෙක් සියල්ල රැදිලා තියෙන්නේ මම මත. හැමදේම මම එයාගෙන් අහලා කරන්නේ. එයාගේ අම්මත් අපේ පවුල ශක්තිමත් කරන්න අපිට උදව් කරනවා. ඒ නිසා ලහිරුට පවුලේ වැඩකටයුතු එයාගේ කරමත තියාගෙන කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පවුලේ වගකීමෙන් සම්පුර්ණයෙන්ම මම ළහිරුව නිදහස් කරලා තියෙන්නේ.
ක්‍රිකට් ක්‍රීඩකයෙක් කිව්ව ගමන්ම බොහෝ දෙනෙකුට මතක් වෙන්නේ ආර්ථික පැත්තෙන් ශක්තිමත් වූ පුද්ගලයෙක් හැටියටයි. කෙටියෙන්ම කිව්වොත් සල්ලිකාරයෙක් කියලයි, ආර්ථික මට්ටම ශක්තිමත්ව තියෙද්දිත් ඇයි ඔබ පෙර පාසලක් පවත්වාගෙන යන්නේ..?
එක හේතුවක් තමයි ගැහැනියක් විදිහට ස්වාධීනව ජිවත් වෙන්න නිදහස තියෙන්න ඕන නිසා. ඒ වගේම තමයි සල්ලි තියෙන හස්බන්ඩ් කෙනෙක් ඉන්න වයිෆ් ගෙදර ඉන්න ඕන කියලා නියමයක් නැහැ. ඉගෙන ගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්න ඕන. මම ජොබ් එකක් කරා කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ හස්බන්ඩ් සලකන්නේ නැහැ කියලා. ඔහු ඔහුගේ යුතුකම් හොදින් ඉටු කරනවා.
මම විවාහ වුණාට පස්සේ අවුරුදු 6ක් රැකියාවෙන් ඉවත් වෙලා ජිවිතේ විනෝදෙන් සතුටින් ජිවත් වුනා. ලයිෆ් එක එන්ජෝයි කළා. අපේ ජිවිතේ ලස්සනට ගෙනියන්න එයාගේ අම්මා, අයියා කැනඩාවේ ඉන්න බාප්පා මගේ දෙමාපියන් හැමෝම උදව් කරනවා. ඒ හැමෝම අපි ගැන සතුටු වෙනවා. ළහිරුගේ ආර්ථිකය කඩාගෙන වැටුණු දවසක මට පුළුවන් එයාට ශක්තියක් වෙලා ඉදිරි ගමන මට අරගෙන යන්න. අපි ඒ හැමදෙයක්ම හිතන්න ඕන. ඒ නිසයි මම පෙර පාසලක් පවත්වාගෙන යන්නේ.
ජාතික කණ්ඩායමට නැවත කැදවනතුරු ළහිරුට ටික කලක් බලාගෙන ඉන්න සිදු වුණා. ඒ කාලේ ඔහු මානසිකව වැටුණේ නැද්ද..?
ළහිරු කියන්නේ හරිම වෙනස් කෙනෙක්. මොන ප්‍රශ්නයකට කඩා වැටුණත් එක දවසකින් හිත හදා ගන්නවා. ඊලග දවසේ එයා ශක්තිමත් කෙනෙක්. මම වගේ නෙමෙයි. මම මානසිකව කඩාගෙන වැටුණොත් හිත හදා ගන්න කාලයක් යනවා. නමුත් එයා එහෙම නැහැ. නිතරම බණ අහනවා. පිං දහම් කරනවා. ලැබුණු දේ ගැන සතුටු වෙන්න නොලැබුණු දේ ගැන කම්පා වෙන්න එපා කියලයි එයා කියන්නේ. අපි දෙන්නා ආදරේ කරලා ආශ්‍රය කරලා වසර 13ක් වෙනවා. විවාහ වෙලා වර්ෂ 6යි. මේ කාලයට මම ඔහුගෙන් දකින හොඳම ගතිගුණය තමයි ඔහුගේ ශක්තිය. ඔහු ප්‍රශ්න දිහා බලන විදිහ වෙනස්. ඔහු ශක්තිමත් කෙනෙක්. වට්ටන්න අමාරුයි එයාව.
ලේලිලා නන්දම්මලාගේ ගැටුම් ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ, කොහොමද ඔබෙත් ඔබේ සැමියාගේ මවත් අතර තිබෙන සම්බන්ධය..?
අපි දෙන්නා අතර සමහර වෙලාවට නොගැලපීම් මතු වෙනවා. නමුත් අම්මා එක්ක ඕනෑම වෙලාවක මට ඕනෑම දෙයක් කතා කරන්න පුළුවන්. අපි දෙන්නා හැමදෙයක් ගැනම වීවෘත කතා කරනවා. තාත්තා නැතුව අම්මා ළහිරුවයි, අයියාවයි හදා ගන්න ලොකු කැපකිරීමක් කරලා තියෙනවා. එහෙම දරුවාව හදපු අම්මා කෙනෙකුට සලකන්න ලේලි විදිහට අපි දැනගන්න ඕන. මටත් ඉන්නේ පුතෙක්. කවදා හරි දවසක මටත් ලේලී කෙනෙක් එක්ක ජිවත් වෙන්න අවස්ථාවක් එනවා. ළහිරු නැත්තම් අම්මා එක රැයක්වත් අපිව තනියම තියන්නේ නැහැ. මගේ අම්මා තාත්තා හිටියේ නැති දවසට ළහිරුගේ අම්මා අපි ලඟින් ඉන්න එනවා. ඒ තරම්ම ඒ අම්මා අපිට ලෙංගතුයි.
පුතා ගැන කිව්වොත්..?
පුතාගේ වයස අවුරුදු 4යි දැන්. මම පෙර පාසලක් කලාට මගෙන් ඉගෙන ගන්න පුතා එන්නේ නැහැ. උගන්වන්න හරි අමාරුයි. එයාට මම සැර අම්මා කෙනෙක්. විනය දරුවෙකුට අවශ්‍ය නිසා මම විනය එක්ක දරුවාව හදන්නේ. ඒ නිසා පුතා මට වඩා ආදරේ තාත්තාට. ළහිරු කවදාවත් පුතාට සැර කරන්නේ නැහැ. ඒ නිසා පුතා එයාට තමයි එකතු. රූපවාහිනියෙන් ළහිරුව දකිද්දී ප්‍රතිචාර දක්වනවා. එයා තාත්තා එනකල් බලාගෙන ඉන්නවා තෑගී ගේනකල්. ළහිරු එද්දී තෑගී ගෙන්න බැරි නිසා මම තෑගී ගෙනත් හංගලා තියලා ළහිරුට දෙනවා එයා ගෙනාවා වගේ දෙන්න කියලා.
ක්‍රීඩා කළත් නැතත්, දක්ෂතා අතරේ හිටියත් නැතත් ජනප්‍රිය ක්‍රීඩකයින්ට සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රචාර එල්ල වෙනවා වැඩියි, ළහිරු ඒ වගේ සිදුවීම් වලට මුහුණ දෙන්නේ කොහොමද..?
එයාගේ හැම සමාජ මාධ්‍ය ජාලයක්ම බලන්නේ මම. ඔහු වෙනුවෙන් ඔහුගේ ක්‍රීඩා ලෝලීන්ට මම ප්‍රතිචාර දක්වනවා. ක්‍රීඩකයින්ට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ලවන විවිධ ප්‍රතිචාර ඔවුන්ගේ මනස වැටෙන්න හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා එයා සමාජ මාධ්‍ය භාවිතා කරන්නේ අවම වශයෙන් තමයි. හිත රිද්දගන්නේ නැහැ, ඒ තැන්වලින් ඈත් වෙනවා.
ඔබේ හිත රිදුණු තැන..?
විවාහ වුණු කාලේ ෆේස්බුක් එකේ හරියට මඩ ප්‍රචාර ගියා. ළහිරු අසාර්ථක වෙන්නේ විවාහ වුන නිසා කිව්වා. ළහිරු විවාහ වුණු නිසා හරියට ක්‍රීඩා කරන්නේ නැහැ, ඒ නිසා ළහිරු දික්කසාද වෙන්න ඉන්නේ කියලා ප්‍රචාරය වුණා. ඒ 2015 වර්ෂයේ වගේ. ඒ කතාව මගේ හිතේ තවම තියෙනවා. හරිම වේදනාවක් වුනා. කවුද කරේ මොන අරමුණකින් කළාද කියන්න දන්නේ නැහැ. දැන් නම් යන ප්‍රචාර වලට හිනා වෙලා ඉන්නවා. දුක් වෙන්නේ නැහැ.
හර්ෂණී වීරරත්න

0 Comments