පුංචි තිරයෙන් නිතරම වගේ හමුවෙන සාරංග දිසාසේකර, බුකියේ කතාබහට ලක්වෙන, පුවත් මවන රංගන ශිල්පියෙක්.
ඔහු විවාහ වුනේ ජනප්‍රිය නිළි දිනක්ෂි ප්‍රියසාද් සමඟයි. සාරංග, පසුගිය දවසක ආයෙම ඔහුගේ මුහුණු පොතට අපූරූ සටහනක් එකතු කරගෙන තිබුණා.
මේ තියෙන්නේ ඒ සටහන....
ප්‍රේමය නම්
හමු වීම ප්‍රමාද විය යුතුමය.
ප්‍රමාදය තුලින් ලබන
බිඳ වැටීම් සහ අත්දැකීම්
සැබෑ ප්‍රේමය මතු දාක පෝශණය කරනු ඇත.
ජීවිතයේ වටිනාම හෝරාව
වටිනාකමින් ගත කරන්නට
ප්‍රමාද වූ ප්‍රේමය ඉවහල් වනු ඇත.,
එ නිසාවෙන්,
හැර යනවුන්ට ආශිර්වාද කරන්න,
ලඟ රැඳුනවුන් රැක ගන්න.,
හැම මොහොතකම සොභාදහම
සුදුසුම දේ තිලිණ කරනු ඇත.
අවශ්‍ය වන්නේ අවස්තාවට ආදරේ කිරීමත්
ඉවසීමත් පමණි....
මතක තියාගන්න,,
ඉඩෝරය ඉවර වෙන්නෙ
පින්වන්ත හිත් වලට
වසන්තයේ පිණි ඉහගෙන....

0 Comments