සිනමාවේ, ටෙලි නාට්‍ය තුළ සුවිශේෂී රංගනයක නියලුණු ජනප්‍රිය රංගන ශිල්පියෙක් ලෙසට සංජය ලීලාරත්න හඳුන්වන්නට පුළුවන්. මේ දිනවල විකාශය වන ‘අසංවර වැස්සක්’ ටෙලිනාට්‍ය තුළින් මහීපාලගේ චරිතයට ජීවය දෙන ඔහු දිග නිහැඬියාවකට පසු නැවත රඟපෑමට ඇවිත්. ඉතින් දිගු නිහැඬියාවකට පසු පැමිණි සංජයට කතා කිරීමට බොහෝ දේවල් ඇති නිසා අපි ඔහුට කතා කළේ මේ විදිහට.
ඔබ කලාව පෝෂණය කිරීමට සෑම පැතිකඩකින්ම දායකත්වය සපයා දුන් රංගවේදියෙක්. එහෙත් කාලෙකට පස්සේ තමයි රඟපෑමට සම්බන්ධ වෙන්නේ නේද?
මම කලාව වෙනුවෙන් කරන්න පුළුවන් මගේ උපරිම දායකත්වය දීලා තියෙනවා. ප්‍රේක්ෂකයන්ට මගේ වටිනාකමක් දැනුණා නම් මම හදවතින්ම සතුටු වෙනවා. මම අවුරුදු පහකට විතර පස්සේ තමයි ශාන්ත සොයිසා අධ්‍යක්ෂණය කළ ‘පිණි’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ. නැවැතත් දිගු නිහැඬියාවකට පස්සේ ජාතික රූපවාහිනියේ විකාශනය වන ‘අසංවර වැස්ස’ ටෙලිනාට්‍යයේ මහීපාලගේ චරිතයත්, ස්වර්ණවාහිනියේ විකාශනය වන ‘ස්නැප්’ ටෙලිනාට්‍යයේ රහස් පොලිස් චරිතයත් නිරූපණය කරනවා.

මහීපාල ඔය තරම් බොන්නේ ඇයි?
හිතේ වේදනාවට තමයි. මහීපාල වගේ මිනිස්සු අද සමාජයේ ඕනෑ තරම් ඇති. ඒ මිනිසුන් අතර තවත් එක ‘මහීපාල’ කෙනෙක්ගේ චරිතයක් ගැන තමයි මම කතා කරන්නේ.

කලාවෙන් දුරස් වෙලා ඉන්න විශේෂ හේතුවක් තිබුණද?
නිර්මාණවලින් මට ඕනෑ තරම් ආරාධනා එනවා. ඒත් මම රාජ්‍ය ආයතනයක තනතුරක් දරපු නිසා මම එහි පූර්ණකාලීනව වැඩ කළා. ඒ වගේම මගේ හිතවත් මිතුරෙක් සමඟ ව්‍යාපාරයක් කළා. ඔය අතර මම ඉතාලි කෑම සම්බන්ධ රෙස්ටුරන්ට් එකක් පොඩි ව්‍යාපාරයක් විදිහට කරගෙන ආවා. ගිය අවුරුද්දේ සහරාන්ලගේ බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ මගේ රෙස්ටුරන්ට් එකේ බිස්නස් කඩාවැටුණා. පසුකාලීනව ආපු කොරෝනා වසංගතයත් එක්ක කරගෙන ගිය අනිත් ව්‍යාපාරයත් කඩාවැටුණා. මගේ ඒ තිබුණ වැඩකටයුතු නිසා මම නිර්මාණවලට සම්බන්ධ වුණේ නැහැ.

දැන් දිගටම කලාවට සම්බන්ධ වෙලා වැඩ කරගෙන යෑමටද අදහස?
මම තෘප්තියක් ලබන්නේ කලාවෙන්. ඉතින් මගේ යටි සිත කියන්නේ කලාව කරන්න කියලා. හිතේ සතුටක් නැතිනම් මොන දේ කළත් වැඩක් නැහැ. ඒ නිසා මම පූර්ණකාලීනව මගේ දායකත්වය කලාව වෙනුවෙන් යෙදීමට තීරණය කළා.

ඔබ නිර්මාණශීලී අධ්‍යක්ෂවරයෙක්. නිර්මාණයක් කිරීමට අදහසක් නැතිද?
නිර්මාණයක් අධ්‍යක්ෂණය කරමින් එහි ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීමට මට ආරාධනා ලැබුණා. ඉතින් මම කැමැති නැහැ අධ්‍යක්ෂණය කරමින් ඒ නිර්මාණය තුළ රඟපාන්න නමුත් එය ප්‍රධාන චරිතයක් නිසා මම රඟපාන්නම් කියලා තීරණය කළා. විදේශීය රූපවාහිනී නාළිකාවකින් මට වාර්තා වැඩසටහනක් කිරීමට ආරාධනා කළා. ඉතින් ඒ සියලුම වැඩකටයුතු සැලැසුම් කරගෙන යනවා.

හොඳ නිර්මාණ අතර අසංවර නිර්මාණත් බිහි වෙනවා?
මම නිර්මාණ විවේචනය කරන්න කැමැති නැහැ මමත් නිර්මාණකරුවෙක් නිසා. එවැනි නිර්මාණ තිබෙන බව මමත් දකිනවා. ඔය අතර අලුත් පරපුරක් ඉන්නවා මේ ක්ෂේත්‍රයේ ඉහළටම ගෙනියන්න පුළුවන් දක්ෂ පිරිසක්. හැබැයි ඔය අතර තවත් පිරිසක් ඉන්නවා ජනතාව රූපවාහිනියෙන්, චිත්‍රපටවලින් ඈත් කරන පිරිසක්. මොන දේ කළත් වැඩක් නැහැ නිර්මාණ ජනතාව ප්‍රතික්ෂේප කළොත්. අද බහුතරයක් කරන්නේ විදේශීය නිර්මාණ අනුසාරයෙන් නිර්මාණ කිරීම. අපේ සමාජ සංස්කෘතිය වටපිටාව ආශ්‍රිතව මොන තරම් දේවල් තිබෙනවාද කතා කිරීමට. බලන්න ‘අසංවර වැස්ස’ ටෙලිනාට්‍ය හරහා මොන තරම් වටිනා දෙයක්ද සමාජගත කරන්නේ. ඇයි එවැනි දේවල් අනිකුත් අයට කරන්න බැරි.

මෙගා ටෙලිනාට්‍ය එකහෙළා ඔබ ප්‍රතික්ෂේප කරන්නේ ඇයි?
මම ගැළපෙන තැන්වල හිටගන්න කෙනෙක්. නැතුව කරන්නම් වාලේ ඔය හැම නිර්මාණයකටම මම සම්බන්ධ වෙන්න යන්නේ නැහැ. වරදවා තේරුම් ගන්න එපා මම මෙගා ටෙලිනාට්‍ය අනුමත කරන්නේ නැහැ. මෙගා ටෙලිනාට්‍ය හරහා ජීවත් වෙන පිරිසකුත් ඉන්නවා. ඒක ඔවුන්ගේ කැමැත්ත. එය මට අදාළ නැහැ. මෙය මගේ ප්‍රතිපත්තිය.

වසන්ත විතාරණගේ

0 Comments