ඡන්දෙදි සරාලා මොනවා කරයිද දන්නේ නෑ..මේ දවස්වල ඔයාලාගේ ගෙවල්වලට රිංගන කුකුළා මුදලාලිගේ විස්තරේ ඔයාලා දන්නවාද? හෙට අනිද්දා වෙනකොට කුකුළා මුදලාලි හරි හරි වැඩ තමයි කරන්න හිතාගෙන ඉන්නේ. සරාටයි සරාගේ ඇම්බැට්ටයන්ටයි කුකුළා මුදලාලි ඉස්සරහට මොනවා කරාවිද? ඒ ගැන දන්නේ කුකුළා මුදලාලිට ජීවය දෙන ගිරිරාජ් කෞෂල්‍ය තමයි. මේ ඔහුගේ හඬයි.
ගිරා කියලා කතා කරනවටද කැමැති කුකුළා මුදලාලි කියලා කතා කරනවාටද කැමැති?
ඇත්තටම කැමැති ගිරා කියලා කතා කරනවාට. මොකද ගිරිරාජ් කෞෂල්‍යනේ මගේ නම. හැබැයි මේ දවස්වල දකින දකින හැමෝම කුකුළා කියනවා. කුකුළා ලකුණ කියනවා” කුකුළා මුදලාලි කියලා විවිධ නම් වලින් කතා කරනවා. හැබැයි මට පුංචි සතුටක් තියෙනවා.

පාරට බැස්සහම ඇත්තටම මිනිස්සු මොනවාද කියන්නේ?
මෙහෙමයි. ඒකෙ දු ෂ්ඨ චරිතයක පැතිකඩක්නේ තියෙන්නේ. ගමේම ඉන්න නරක පුද්ගලයානේ. නමුත් මට එහෙම ප‍්‍රතිචාර ලැබෙනවා අඩුයි. චරිතයේ ස්වභාවය වෙන්න ඇති දු ෂ්ඨයෙක් වුණත්. කාටූන්වල ඉන්න කොමඩි දු ෂ්ඨයෙක් වගේ ගතියකුත් තියෙනවානේ.

මීට කලින් රගපෑ දුෂ්ට චරිතවලට ලැබුණු ප‍්‍රතිචාර?
ඒවාට සෑහෙන නරක ප‍්‍රතිචාර තමයි ලැබුණේ. මිනිස්සු බැන්නා. හැබැයි මේකෙදී කවුරුත් මට බැන්නේ නැහැ. හැමෝම කියන්නේ කුකුළා මුදලාලි මරු කියලා. සද්ධා මංගල කුකුළා මුදලාලිව ගෙනල්ලා තියෙන විදිහේ සුන්දර ගතියකුත් තියෙනවානේ.

ඉස්සරහට සරාට මොනවා කරාවිද?
ඒකනම් සද්ධා මංගලගෙන් තමයි අහන්න ඕනෑ. ඔහු ගේ පිටපත් රචනයක්. ලස්සන සිදුවීම් ටිකක් තියෙනවා. මම ඉදිරියේදී ඡන්දය ඉල්ලනවානේ. බලාගෙන ඉන්නේ ඡන්දය ඉල්ලලා දිනයිද ඡන්දයේ දී සරාලා මට මොනවා කරාවිද? කියන ප‍්‍රශ්නයක් මගේ ඇග ඇතුලෙන් තියෙනවා. ඊළග සූට් එකේදී තමයි ඒක දැනගන්න ලැබෙන්නේ.

සද්ධාමංගල ගිරිරාජ් අතට පිටපත දීලා මොකක්ද කිව්වේ?
සද්ධාම කියපු විදිහට මුලින්ම මාව චරිත තුනකට නම්වෙලා තිබුණා. එකක් මාස්ටර්ගේ චරිතය. අනෙක හාමුදුරුවන්ගේ චරිතය. තුන්වැනි එක මුදලාලිගේ චරිතය. ඊට පස්සේ අධ්‍යක්‍ෂ ශිවගුරුනාදන් තමයි කියලා තියෙන්නේ ගිරා හොඳයි කුකුළා මුදලාලිට කියලා.

ගිරා පිටපත කියෙව්වහම මොකද හිතුනේ?
මම පිටපත කියෙව්වාට පස්සේ තමයි හිතුණේ කුකුළා මුදලාලිගේ චරිතය හොඳයි කියලා. ඇත්තටම මේ චරිත මට විශේෂයක් නෑ. හාමුදුරුවන් ගේ හෝ මාස්ටර් ගේ චරිතය දුන්නත් ඒ චරිතවලට සාධාරණය ඉෂ්ඨ කරනවා කියන විශ්වාසය මගේ හිතේ තියෙනවානේ. දෙන චරිතයට පණ පෙවීම මගේ යුතුකම.

නාඩගම්කාරයෝ කොල්ලො සෙට් එක ගැන මොකද හිතන්නේ?
ඒ එක කොල්ලෙක්වත් මට නම් ආධුනික නෑ. ඔක්කෝම මට වැඩිය දක්‍ෂතා පෙන්වන කොල්ලෝ ටිකක් ඉන්නේ. සජිත අනුත්තර, කෝකිල පවන් කියන්නේ ආධුනිකයන් නෙමෙයි. අනෙක් කෙනා සෙනාලි ෆොන්සේකා. මේ තුන්දෙනාම එක්ක මම සෝමරත්න දිසානායක මහත්මයාගේ චිත‍්‍රපටවල සහාය අධ්‍යක්‍ෂකවරයා විදිහටත් වැඩ කළා. ඒ එක්කම රගපෑවා. ඔවුන් පුංචි අවධියේ ඉඳන්ම මම ඔවුන්ගේ දස්කම් දුටුවා.

ඔබ මේ චරිතයට එකතු කරපු දේවල් තියෙනවාද?
සාමාන්‍යයෙන් මෙහෙමයි. ඕනෑම පිටපතකට මම රගපානකොට මගේ දැනුම තවත් රචකයෙක් හැටියට සමහර දේවල් අධ්‍යක්‍ෂකවරයාගේ සහ පිටත් රචකයාගේ අනුමැතිය අනුව පුංචි පුංචි දේවල් එකතු කරනවා.

ගෙදර අය නාට්‍ය බලලා මොනවාද කියන්නේ?
ගෙදර අය හරි සතුටු වෙනවා. සාමාන්‍යයෙන් මම රගපෑ නාට්‍ය ගෙදර අය මම ඉන්නවා කියලා බලන්නේ නෑ. මගේ නෝනා කොහොමටත් බලන්නේ නෑ. දුවත් එහෙමයි. හැබැයි මේ නාට්‍ය මගේ ලොකුදුව මිණිබිරිය වගේම හැමෝම බලනවා.

සකලගුරු සමග ආපහු කරලියට එන්න ත් හදනවා නේද?
ඔව් එහෙමත් දෙයක් තියෙනවා. දෙවැනි අදියරක් විඳිහට අලූතෙන් රූපගත කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා.

මේ දවස්වල කාර්ය බහුලද?
සිංහල අලූත් අවුරුදු වැඩ සටහන්” රූපවාහිනී නාලිකා මගින් සිදුකරන අවුරුදු වැඩසටහන්” හාස්‍යජනක වැඩසටහන් සඳහා කරන ආරාධනා හින්දා ඇත්තම කියනවා නම් මේ දවස්වල පොඞ්ඩක් විතර කාර්යබහුල වෙලා තියෙනවා.

දැන් කලාකරුවන්ට හොඳයි වගේ
හොඳයිම කියලා කියන්න බෑ. හෝල් වලට තවමත් ජනතාව ගලා ඒමක් දකින්න නෑ. තවම හෝටල්වලට විශාල පිරිසක් එකතු වෙන්න බෑ. ඒකෙන් අපි කරන හාසේයා්ත්පාදන වැඩසටහන් නැවතිලා. පෞද්ගලික සමාගම් වෙනුවෙන් කරන වැඩසටහන් අඩුයි. හිමින් හිමින් හරියාගෙන එන පාටක් පේනවා.

කතුරු මිතුරු කවදාද පේ‍්‍රක්‍ෂයන්ට දෙන්නේ.
ඒක මට හරියටම කියන්න බෑ. ප‍්‍රදර්ශනය කිරීමේ සම්පූර්ණ අයිතිය දීලා තියෙන්නේ අපේ නිෂ්පාදක තුමාට. මගේ කටයුත්ත අවසන්. ඊළගට තියෙන්නේ විකිණීමනේ. ඒකට හොඳ අවබෝධයක් තියෙන නිෂ්පාදකයෙක් මට ඉන්නේ. නිෂ්පාදකවරයා හරි තීරණයක් ගනීවි.
දිනේෂ් විතාන

0 Comments