Breaking News

Responsive Ad Here
Responsive Ad Here

“මම සමිතාට ආදරෙයි නම්, සමිතා මට ආදරෙයි නම් මිනිස්සු කියන දේවල් චුට්ටක්වත් අදාළ නෑ.” - සමිතාගේ සැමියා චිරන්ත, රසිකයින්ට දුන් සැර උත්තරේ

Responsive Ad Here
ප්‍රවීණ ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුව කියන්නේ කවුරුත් ආදරේ කරන ගායිකාවක්. පසුගිය දවස්වල ඇය ගැන වැඩිපුර කතාබහක් ඇති වුණේ ඇය, තරුණයෙකු සමඟ විවාහ වුනා කියන ආරංචියක් පැතිර යාම නිසයි.

කොහොම වුණත් මේ වෙනකොටත් මේ දෙන්නගේ ආදර කතාවට හැමෝගෙම අවධානය යොමු වෙලා තියෙනවා.

සමිතාගේ ආදරණීය සැමියා චිරන්ත, ඔහුගේ යූ-ටියුබ් නාලිකාවෙන් පසුගිය දවසක රසිකයින් අහන ප්‍රශ්න-වලට පිළිතුරු දීලා තිබුණා. මේ තියෙන්නේ ඔහු කියපු කතාව........................

කොහොමද සමිතාව මුණ ගැහුණේ..?
බොහෝම සුන්දර හමුවීමක් අපි දෙන්නගේ හමුවීම....හීනයක් වගේ. ඒ හමුවීමට මම ගොඩක් ආදරෙයි. තාමත් මට අදහගන්න බෑ. මම මැරෙනකන්ම ආදරෙයි.. එයාව මට හම්බුණේ ටික්ටොක් නිසා.. ඒ ගැන වැඩි විස්තර පසුව කියන්නම්....

ඔයාටත් සමිතාටත් දොස් කියද්දි කොහොමද මේ තරම් ඉවසන් ඉන්නේ...?
කවුරු මොනවා කිව්වත් සමිතායි මායි හැමදාම ආදරෙන් ජීවත් වෙනවා. කවුරු කොහොම මොනා කිව්වත් කිසි දෙයක් මට අදාළ නැහැ. මම සමිතාට ආදරෙයි නම් සමිතා මට ආදරෙයි නම් මිනිස්සු කියන දේවල් මට චුට්ටක්වත් අදාළ නෑ. මැරෙනකන්ම මම සමිතාට ආදරේ කරනවා. අපිට බනින කට්ටිය මං දන් නෑ..

0 Comments