Breaking News

Responsive Ad Here
Responsive Ad Here

බාර ගන්න චරිතය මම බොහොම ගෞරවයෙන් සහ කැමැත්තෙන් කරන්නෙ - ආශා එදිරිසිංහ

Responsive Ad Here
රංගනයේ දී නම් බොහෝ විට ඇය ප්‍රේක්ෂකයන්ට ළෙන්ගතු වන්නේ පුංචි තිරයේ තවත් අහිංසකාවක් විදිහට. නමුත් ඇය නිෂ්පාදිකාවක් සේම නිවේදිකාවක් ලෙසත් ජනප්‍රියයි. මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශනය වන ‘රෑනගල වලව්ව‘ ඔස්සේ රසික සිත් ආමන්ත්‍රණය කරන ඇය ජනප්‍රිය රංගන ශිල්පිනි ආශා එදිරිසිංහයි.
 
ගැහැනියක් අහිංසක වෙන්නත් ප්‍රචණ්ඩ වෙන්නත් මේ ජීවිතේ ඇතුළේ හේතු තියෙනවා

 

‘රෑනගල වලව්ව‘ නිසා මේ දිනවල ආශා කාර්යබහුල ඇති ?

‘රෑනගල වලව්වේ‘ ශූටින් නැවත පටන් ගන්නෙ ලබන සතියේ. ඊට අමතරව අලුත් ඩ්‍රාමා එකකට සම්බන්ධ වෙලා ඉන්නවා. චිත්‍රපටයකටත් ආරාධනා ලැබී තිබුණත් කොරොනා නිසා එහි නිර්මාණ කටයුතු කල් ගියා. මේ සියල්ල එක්ක ප්‍රධාන වශයෙන් ප්‍රඩක්ෂන් හවුස් එකේ වැඩ කටයුතු තමයි කරගෙන යන්නෙ.

රෑනගල වලව්වේ චරිතය ආශාට කොහොමද දැනෙන්නේ?

ගෑනු ළමයකුගෙ ජීවිතේ විවිධ අවස්ථා තියෙනවා. පුංචි කාලේ මවුපියන්ගෙ සෙනෙහස යටතේ හැදිලා විවාහ වුණාම වෙනම ජීවිතයක් ගෙවනවා. මහලු වුණහම වෙනස්ම ජීවිතයක් ගෙවනවා. නමුත් ගැහැනියක් අහිංසක වෙන්නත් ප්‍රචණ්ඩ වෙන්නත් මේ ජීවිතේ ඇතුළේ හේතු තිබෙනවා. මගේ චරිතෙන් පෙන්වන්න උත්සාහ කෙරෙන්නෙත් තමන් මුහුණපාන විවිධ අවස්ථා අනුව ඇය එයට ප්‍රතිචාර දක්වන විදිහ සහ ඇගේ ශක්තිය.

මේ චරිතය කැමැත්තෙන් බාර ගන්න එය හේතු වෙන්න ඇති ?

මේ චරිතේ ගැන කිව්ව ගමන් මට කැමැත්තක් ඇති වුණා. අහිංසක කමින් පටන් අරන් පස්සෙ වෙන පැත්තකට යන චරිතයක්. මගෙ ප්‍රඩක්ෂන් එකේ වැඩකටයුතු නිසා මම බොහොම අඩුවෙන් වැඩ භාර ගන්න කෙනෙක්. කාලය අනුව මම බාර ගන්න නිර්මාණයට උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කරනවා. මේ නාට්‍ය කණ්ඩායමටත් මම බොහොම කැමැතියි.

නිෂ්පාදන කටයුතු නිසාමද රංගනයෙන් අඩුවෙන් දකින්නේ ?

මම ප්‍රධානම තැන දෙන්නෙ මගෙ ප්‍රඩක්ෂන් හවුස් එකට. ඉතිරි කාලය තමයි රංගනයට යොදවන්නේ. ඒ අතර යම්කිසි ආකාරයක චරිත තෝරා ගැනීමකුත් වෙනවා. ඒ, මම තෝර ගන්න චරිතය මගේ හදවතට දැනෙන්න ඕනේ සහ ඒකට මම කැමැති වෙන්න ඕනේ නිසා.

ආශාට ඇයි මේ අහිංසක චරිතවලටම ආරාධනා ලැබෙන්නේ?

ඒකට හේතුව මමවත් දන්නේ නැහැ. මම ක්ෂේත්‍රයට ආපු කාලයේ මට ලැබුණෙම අහිංසක චරිත. පස්සේ ඒ රාමුවෙන් පිට චරිත කළ නිසා ඒ රාමුවෙන් ගැලවෙන්න පුළුවන් වුණා. එහෙම ලැබුණු පළවෙනි චරිතය තමයි ‘හංස පිහාටු‘ ටෙලි නාට්‍යයේ ‘ප්‍රියංවදා‘ඒක තරමක් මුරණ්ඩු චරිතයක්.

එකම රාමුවකට කොටු වෙද්දි ඒකාකාරී බවක් හැඟුණේ නැද්ද?

මම එහෙම හිතුවේ නෑ. බාර ගන්න චරිතය මම බොහොම ගෞරවයෙන් සහ කැමැත්තෙන් කරන්නෙ. ඒ හැම චරිතයකටම මම අවංකයි. අපි ඒ චරිතය වෙනුවෙන් යොදන කාලය, ශක්තිය හා ඒ කැප කිරීම් සේරම තුළ තියෙන්ෙන ඒ අවංක කම.

මේ දවස්වල ඔබව ප්‍රේක්ෂකයට මුණගැහෙන අනෙක් නිර්මාණ මොනවද?

මේ දවස්වල ස්වාධීන රූපවාහිනියෙන් ‘අළුබඳුන‘ ටෙලි නාට්‍ය නැවත විකාශනය වෙනවා.

ඒ අතරින් වැඩිම ප්‍රතිචාර ලැබෙන චරිතය ගැන කිව්වොත් ?

අදටත් වැඩිම ප්‍රතිචාර ලැබෙන්නෙ ‘අළුබඳුන‘ ටෙලිනාට්‍යට. 2013 දී කළ ඒ නිර්මාණයට 2021 දිත් ලැබෙන ප්‍රතිචාර එදා වගේමයි. මම මුලින්ම සම්මානයක් ගත්තෙත් ‘අළුබඳුන‘ ටෙලි නාට්‍යයෙන්.

ආශා මාධ්‍යයට ඇයි මෙතරම් නිහඬ ?

සාමාන්‍යයෙන් විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය ඔස්සේ මාව පෙනෙනවා අඩු ඇති. හැබැයි ඒකට ලොකු හේතුවක් නම් නැහැ. ආරාධනා ලැබෙන හැම වැඩසටහනකට වගේම යනවා. සමහර කාලවල දී මම හරිම කාර්යබහුලයි. අපි හැම වෙලාවකම මාධ්‍ය ඔස්සේ පෙනී ඉන්න අවශ්‍ය නැහැ. හොඳ නිර්මාණයකින් ප්‍රේක්ෂකයාගේ හිතේ රැඳුණොත් ඒ හදවත් තුළ කොටසක් වෙන්න මාධ්‍ය තුළ පෙනී සිටීම අවශ්‍යම නැහැ.

 නිෂ්පාදකවරියක් විදිහට ඔබේ අලුත් නිර්මාණ ගැන කතා කළොත් ?

අපිට හැම වෙලාවෙම අවශ්‍ය කළේ අපේ ප්‍රඩක්ෂන් එක ඇතුළේ අඩියක් ඉහළට තියන්න. ‘සුළඟ‘ ටෙලි නාට්‍යයෙන් තමයි අපි නිෂ්පාදන කටයුතු පටන් ගත්තේ. ‘අළු බඳුන‘, ‘රන් සමනලයෝ‘ ,‘රනා‘,‘සිහින විලක්‘, ‘වර්ණ‘ වැනි ටෙලි නාට්‍ය අපි කළා. දැන් ඕස්ට්‍රේලියානූ සමාගමක් සමඟ එක්ව වැඩ කරනවා. ‘Ceyflix‘ කියලා. එය ලංකාවෙන් පිට ඉන්න ලංකාවේ අය වෙනුවෙන්ම නිර්මාණය වූවක්. මේ වෙද්දී දෙස් විදෙස් බොහෝ පිරිසක් ඒ වටා එකතු වෙලා ඉන්නවා. ඉදිරියේදීත් තවත් මේ වගේ නිර්මාණ සැලසුම් තියෙනවා.

0 Comments