Breaking News

Responsive Ad Here
Responsive Ad Here

ලක්ෂපති කිරුළ දිනූ ෂුක්රා බලන්න තෙවරප්පෙරුම තෑගි අරන් යයි - (video)

Responsive Ad Here
සිරස ලක්ෂපති වැඩසටහනේ 8වන අදියරේ මිලියන 02 දිනාගත් ෂුක්රා මුනව්වර් දියණිය මුණගැසීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා ගොස් තිබෙනවා.

ලක්ෂපති වැඩසටහන නරඹා පැමිණි මන්ත්‍රීවරයා ඇයට ත්‍යාග වශයෙන් ටැබ් සහ මුදලින්,පොත් පත් වලින්ද උදව් උපකාර කර තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ ෂුක්රා මුනව්වර් මෙසේ කියා සිටියා,
මම සිරස ලක්ෂපති තරගයට ගියේ ඉගෙන ගන්න අවශ්‍ය කරන ලැප්ටොප් පරිඝණයක් ගන්න. ඒක අද රටේ ළමයි බොහෝ දෙනෙකුට තියෙන ගැටළුවක්. මම කවදාවත් හිතුවේ නැහැ පාලිත තෙවරප්පෙරුම කියන මන්ත්‍රීතුමා හමුවෙන්න ලැබේවි කියලා. එතුමා විතරක් නෙමේ එතුමාගේ නෝනත් මාව බලන්න අද ආවා. මට කියවන්න ගොඩක් පොත් ගෙනල්ලා දුන්නා.

මගේ බලාපොරොත්තුව කවදා හරි ප්‍රධාන විධායක ශ්‍රේණියේ නිලධාරිනියක් වෙන්න. මගේ ඉලක්කය යන්න ඉඩ ලැබෙන්න කියලා හැමෝම ප්‍රාර්ථනා කරන්න” ඇය මෙහිදී සියලු දෙනා ගෙන් ඉල්ලා සිටියා.

0 Comments