ගඟක් සුන්දර ලෙස ගලන්නේ සුන්දර පාරවල් සොයාගෙනයි. ඒ ලෙස සුන්දර කලා පවුලක් මේ ක්‍ෂේත්‍රයේ විවිධ පැතිකඩ ඔස්සේ සුන්දර ලෙස ගලන මොහොතක, ඒ කලා පවුලෙන් බිහිවුණු තවත් පුත්රුවනක් තමයි ජනිත් වික්‍රමගේ. ඔහු ගැන ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ. ඉතින් ඔහු මේ දවස්වල විවිධ කලා කටයුතුවල නිරත වී සද්දබද්ද නැතුව කටයුතු කරන අතර, ඔහු ළඟින්ම ඇසුරු කළ ප්‍රවීණ රංගන ශිල්පී රංජන් රාමනායක පිළිබඳ සමාජයේ තවමත් විවිධ කතා පැතිරෙන මොහොතක රන්ජන් ගැන ඔහුට දැනුණේ මෙන්න මේ විදියට.
ජනිත් ඔබ වසරක් පාසා ඔබේ ජන්ම දිනය නිමිතිකරගෙන සිදුකළ පුණ්‍ය කටයුත්ත මේ වසරේ සිදුකිරීමට සැලැසුමක් නැතිද?
සෞඛ්‍ය නීති-රීති අනුගමනය කරමින් ලේ දන්දීමේ කඳවුර කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් නාරාහේන්පිට ලේ දන්දීමේ මධ්‍යස්ථානයේදී 30 වැනි දින පැවැත්වීමට තමයි සැලැසුම. මෙවර මගේ උපන් දිනය 29 වැනි දිනට යෙදී තිබුණත් එයට පසු දින තමයි ලේ දන්දීමේ කටයුතු සිදුකිරීමට සැලැසුම.
ඇයි ඔබ මෙවැනි කටයුත්තක් වසරක් පාසා සිදුකිරීමට අදහස් කළේ?
දහවැනි වරට තමයි මේ ලේ දන්දීමේ පින්කටයුත්ත මෙවර සිදුවන්නේ. මෙවැනි දෙයක් පැවැත්වීමට විශේෂ කරුණු කිහිපයක් බලපෑවා. විශේෂයෙන්ම මගේ පෞද්ගලික ආත්මතෘප්තිය උදෙසා. අනෙක් කාරණාව කලා ක්‍ෂේත්‍රයේ සියලුමදෙනා අතර තිබෙන එකමුතුබව. ඒ වගේම වර්තමාන සමාජයේ තරුණ පිරිසට ආදර්ශයක් දීමට. එවිට ඔවුන්ටත් මෙවැනි දෙයක් සංවිධාන කිරීමට හිතට යොමුවෙනවා.
ඔබ දැන් රඟපෑම් අතහැර නිවේදන පැත්තට යොමුවෙලා?
අයියෝ නැහැ. මම රඟපෑම අතහැරලා නැහැ. ඉදිරියේදී මම සම්බන්ධ වුණු චිත්‍රපට කිහිපයක් තිරගත වීමට තිබෙනවා. ඒ අතර, ළඟදීම සුරංග ද අල්විස් අධ්‍යක්‍ෂණය කළ ‘ඔයැ ඨ්පැ’ චිත්‍රපටය තිරගත වෙනවා. ටෙලිනාට්‍යවලට නම් සම්බන්ධ වුණේ නැහැ. ඒ වෙනුවෙන් ලොකු කාලයක් යෙදවීමට තිබෙන නිසා. ඒ නිසා තමයි නිවේදන කටයුතු කරගෙන යන්නේ. මේ දවස්වල ‘සියත’ රූපවාහිනියේ ‘ස්ටාර්වෝ’ වැඩසටහන කරනවා.
ඔබ ළඟින්ම ඇසුරු කළ ඔබේ සහෝදර ශිල්පී රංජන් රාමනායක මේ දවස්වල ලොකු කරදරයකට මුහුණ දීලා?
ඔහු නිහතමානී කලාකරුවෙක්. ඒ වගේම ඔහු හොඳ සහෝදරයෙක්. ඔහු මම සමඟ ගොඩාක් හිතවත් වුණා. ඔහු සමඟ මම ‘ඔයැ ඨ්පැ’ චිත්‍රපටයේද රඟපානවා. සමාජයේ මිනිසුන් කියන්නේ වැරැදිකරුවන්ට දඬුවම් දිය යුතුයි කියලා. හැබැයි මේ රටේ එකම වැරැදිකරුවා ඔහු විතරද. මම කවදාවත් හිතන්නැහැ ඔහුට මේ වුණුදේ ගැන ඔහු දුක් වෙනවා කියලා. ඔහු නිරන්තරයෙන්ම රටේ ජනතාව වෙනුවෙන් කතා කළ ශ්‍රේෂ්ඨ වීරයෙක් විදියට මම දකින්නේ. ඒ වගේම ඔහුට සැපවිඳින්න මොනතරම් සැපසම්පත් තිබුණත් ඔහු ඒ සියල්ල අමතක කරමින් සරලව හිතපු කෙනෙක්. ඔහු නිතරම පැවැසුවේ මොන සැපසම්පත් තිබුණත් වැඩක් නැහැ අපි කවුරුත් මැරෙන මිනිස්සු කියලා. පුළුවන් හැම වෙලාවෙම ජනතාවට උදවු කළා.
අපි කතාවෙන් එපිටට ගියා. ඉතින් අපි ඔබ ගැන නැවැත කතා කරමු. ආර්ථික මට්ටම පැත්තටත් වාසියක් වෙයි නේද ටෙලිනාට්‍ය පැත්තට යොමු වුණොත්?
මම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ සිනමා නිර්මාණයක් හරහා. ඒ ‘හිරිපොද වැස්ස’ චිත්‍රපටය හරහායි. මේ ක්‍ෂේත්‍රයේ ඕනෑම කෙනෙක්ගේ එකම සිහිනය සිනමා නිර්මාණයකට සම්බන්ධ වීම තමයි. ටෙලිනාට්‍යවලට සම්බන්ධ වුණොත් ආර්ථිකය ශක්තිමත් වෙන එක ඇත්ත. ඒත් කාලයයි ප්‍රශ්නය.
ඔබත් රංජන් වගේ ‘සුපර් හීරෝ’ කෙනෙක් වෙන්නද අදහස?
ඔහුට සමාන කරන්න තරම් තවත් ‘හීරෝ’ කෙනෙක් ඉඳීවි කියලා මම හිතන්නේ නැහැ. ඔහු ඒ තරම් වාසනාවන්තයි. මම මේ ක්‍ෂේත්‍රයේ වැඩ කරන්නේ ප්‍රේක්‍ෂකයාගේ ඉල්ලීමට තමයි. කිසිම සම්මානයක්, පදක්කමක් බලාගෙන නෙවේ. මේ රට සම්මාන ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන් රටක් නෙවෙයි. මගේ මවුපියන් වුණත් මහලොකු සම්මාන අරගෙන නැහැ. හැබැයි අපිට ජනතාවගේ ආදරය කොතැන ගියත් තියෙනවා.
ඔබ දැන් පෙම්වතෙක් බවට පත්වෙලා?
ආදරය කරනවා. හැබැයි එය ගැන මම කතා කරන්න කැමැති නැහැ. ඒ දේවල් හිතේ තිබුණදෙන්. මොකද පොඩි දෙයක් දැනගත්තොත් මාධ්‍යවලින් ගොසිප් ගහනවා. ඒ මිනිසුන්ටත් අවසානයේ මඩ ගහනවා. හරියට දෙයක් කාලය උදා වුණාම මම ඒ ගැන මුලින්ම කතා කරන්නම් මාධ්‍ය සමඟ. එයට වඩා මට තව කරන්න දේවල් තියෙනවා.
වසන්ත විතාරණගේ

0 Comments