Breaking News

Responsive Ad Here
Responsive Ad Here

කිං ඛාන්ගේ චිත්‍රපටයක් අතර ගුටිබැට හුවමාරුවක් - අධ්‍යක්ෂකවරයාටත් කනේ පහරක්

Responsive Ad Here
කිං ඛාන් හෙවත් ශාරුක් ඛාන්ගේ නවතම චිත්‍රපටය වන පතාන් චිත්‍රපටය රූගත කරන අවස්ථාවේදී ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් එම චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂකවරයා විසින් ප්‍රධාන අධ්‍යක්ෂකවරයාට පහර දී ඇතැයි වාර්තා වේ.

මෙහිදී පහර කෑමට ලක් වූ ප්‍රධාන අධ්‍යක්ෂකවරයා වන සිද්ධාර්ථ ආනන්ද් යනු ඉක්මණින් කිපෙන සුළු අයෙකු බව සඳහන් වෙනවා.

ඔහු වැඩ කරන අවස්ථාවේ අනිත් චිත්‍රපට සහයක මණ්ඩලය එයට අනුගත විය යුතු අතර දුරකථන පවා නිවා දැමිය යුතු බවත් සඳහන් වෙනවා.

නමුත් මෙම පහර දීම සිදු කර තිබූ සහාය අධ්‍යක්ෂවරයා විසින් ප්‍රධාන අධ්‍යක්ෂක සිද්ධාර්ථගේ කිසිදු නියෝගයකට අවනත වී නොමැති බව සඳහන් වෙනවා.

ඒ අවස්ථාවේ ඔවුන් දෙදෙනා අතර උණුසුම්වාදයක් ඇතිව තිබෙන අතර ඊට පසුව සහාය අධ්‍යක්ෂකවරයා විසින් ප්‍රධාන අධ්‍යක්ෂකවරයාට පහර දී තිබෙනවා.

මෙම සහාය අධ්‍යක්ෂකවරයාව පසුව සේවයෙන් ඉවත් කර ඇති බවත් සඳහන් වෙයි.

මේ සිදුවීම සිදු වුයේ වෙනත් ආකාරයකට බවත් තවත් පිරිසක් පවසා සිටින අතර ඔවුන් සඳහන් කර තිබුණේ සහාය අධ්‍යක්ෂකවරයා විසින් චිත්‍රපට නිෂ්පාදක කණ්ඩායම පරුෂ විදිහට කතා කළ බැවින් ප්‍රධාන අධ්‍යක්ෂකවරයා ඔහුට පහර දුන් බවයි.

තවත් පිරිසක් මෙවැනි සිදුවීමක් වුණා යැයි පිළිනොගන්නා අතර ඔවුන් මෙය කටකතාවක් යැයි ප්‍රකාශ කර තිබුණා.

නමුත් තවත් පිරිසක් විසින් මෙවැනි සිදුවීමක් වූ බවට තහවුරු කර ප්‍රකාශ කර තිබුණා.

(yahoo life style ඇසුරිණි)

0 Comments