Breaking News

Responsive Ad Here
Responsive Ad Here

"පිත්තෙන් පිළිතුරු දීම හොඳම ක්‍රමයයි..." - ඉනිම් 54කට පසුව ශතකයක් වාර්තා කළ ලහිරු තිරිමාන්නට හිටපු ක්‍රිකට් නායක මහේල් ජයවර්ධන කියූ දේ !

Responsive Ad Here
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව් වන දිනය අදයි.
 
සිය දෙවන සඳහා පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර  කඩුලු 8 ක් දැවි ලබා සිටි ලකුණු සංඛ්‍යාව 324ක්. 
ඒ අනුව ඔවුන් එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 42 ක් ඉදිරියෙන් සිටින්නේ කඩුලු 2 ක් අතැතිවයි.
 
තරගය නතර කරන විට ඇන්ජලෝ මැතිව්ස් සහ දිල්රුවන් පෙරේරා නොදැවි පන්දුවට පහර දෙමින් සිටිනවා.
 
ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න ශතකයක් රැස්කරගැනීමටයි සමත් වුණේ.
 
ඉනිම් 54කට පසුව මෙම ශතකයක් ලබාගැනීමත් විශේෂත්වයක් වනවා.
 
මේ සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ට්විටර් පණිවුඩයක් තබමින් කියා සිටියේ, විචාරවලට පිළිතුරු ලබා දිය යුත්තේ පිත්තෙන් බවයි.



0 Comments